![]() ![]() |
![]() ![]() |
![]() ![]() |
වර්ෂ 1924 දී පමණ ගමේ පන්සලේ ප්‍රදාන සගරුවන වූ රතනපාල හිමියන් ක්‍රියාවේ නියැලී ඇත . තොටිල්ල පදවන ඇත ලොව පාලනය කරන බව දත් ගමේ උගත් පිරිස පහල බියන් විල ගැහැණු පාසල පහලවත්ත විහාර බූමීයේදී ගැහැණු දරුවන් 24 දෙනේ කුගෙන් ආරම්භ කර ඇත .
ඉංග්‍රීසි අදිරාජ්‍ය වාදය ශ්‍රී ලංකාවේ මුල් බැසගෙන තිබු යුගයක ගමයි පන්සලයි එක් කරමින් ආරාමිබ වූ බෞද්ද සිංහල ගැහැණු පාසලට ස්ථීර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය තදින් දැනෙන්නට වූ අතර එවකට සිටි ප්‍රසිද්ධ දනපතියෙකු වූ දබුවේ පීටර් වීරසේකර මහතා 1927 දී අක්කරයක බිම් ප්‍රමාණයක් ලබා ගෙන පාසල ආරම්භ කිරීමට අපරාද මර්ධන සමිතියට පරිත්‍ය්ග කර ඇත.
මර්ධන සමිති සමාජිකයන් විසින් මෙම බිම්කඩෙහි තාවකාලික ගේ අපරාධ ගොඩනැගිල්ලක් ඉදිකරන ලද අතර එහි ඉගැන්වීම් කටයුතු භාර වුයේ සමරකොන් නම් වූ ගුරුමහත්මිය වෙතටය. මෙම කාලය වන විට පළමු වන ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් වුනු අතර එහි 75ක් පමන ගැහැණු ළමයින් ප්‍රමාණයක් සිප්සතර හදාරා ඇත. මෙම කාලයේදී ගමේ දෙපිරිසක් අතර වූ ගැටුමක ප්‍රතිපලයක් ලෙස තාවකාලික ගොඩනැගිල්ල ප්‍රයෝජනට ගතනොහැකි තත්වයට පත් විය . යලිත් නායක හාමුදුරුවන් ඇතුළු පිරිස දබුවේ පීටර් වීරසේකර මහතා හමු වී කල ඉල්ලීම පරිදි 1920 දී ස්ථීර ගොඩනැගිල්ලක් පාසල සදහා ලබා දෙන ලදී. එතුමාගේ උදාර පරිත්ගේ ප්‍රතිපලයක් වශයෙන් 1929.08.12 වන දින “පහල බියන්විල කුමරි විදුහල ” නමින් රජයේ පාසලක් පහල බියන්විල ප්‍රදේශයට හිමි විය. මෙම කාලය වනවිට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පවැත් වූ අතර ශිෂ්‍යාවෝ 100ක් පමණ ප්‍රමාණයක් අද්‍යාපනය හදාරා ඇත.