
විදුහල්පති පණිවිඩය
W.R. ප්‍රියදර්ශනී
කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති කැලණිය අධ්‍යාපන කලාපයට අයත් බියගම කොට්ඨාසයේ පිහිටි කීර්තිමත් බාලිකා පාසලකි.
අප පාසල වසර 100කට ආසන්න ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියයි. 1924 වර්ෂයේදී රතනපාල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ කාන්තා පාසලක් ලෙස ආරම්භ වූ මෙම පාසලදිනෙන් දින ජයග්‍රහණය කරා පියනගන විශිෂ්ට බාලිකා පාසලකි. අප පාසල අධ්‍යයන කටයුතු, විෂය බාහිර කටයුතු මෙන්ම තොරතුරු තාක්ෂණ අංශයෙන්ද කැපී පෙනෙයි.
වෙනත් පාර්ශවයන් අප පාසල සමග සම්බන්ධ වීමට හා තොරතුරු සන්නිවේදනය කර ගැනීමට මෙම වෙබ් අඩවිය උපකාර වේ යැයි මම සිතමි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට උර දුන් සැමට මාගේ ස්තුතිය පිරිනමන අතර , පාසලේ දරු දැරියන්ගේ යහපත, අධ්‍යාපනය මෙන්ම ඉදිරි අනාගතයද සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
W.R. ප්‍රියදර්ශනී
විදුහල්පති
බප/කැළ/මහාමායා බාලිකා මහා විද්‍යාලය . .