එදා සිට අද දක්වා මහාමායාවේ ඉතිහාසය
බස්නාහිර පළාතේ කැලණිය අදයාපන කලාපයේ බියගම අදයාපන කොට්ටාසයට අයත් බාලිකා විදුහලක් වන මහර පහල බියන්විල මහමාය බාලිකා විද්‍යාලය වසර 70 දිගු ඉතිහයකට උරුමකමි කියන ප්‍රදේශයේ ජනප්ප්‍රිය කාන්තා විදුහලකි .
රට දැය සමයට උදාර මෙහෙයක් ඉටුකිරීමට ශ්‍රේෂ්ට දියණිවරුන් බිහි කල මහාමායාව පොල් අතු සෙවිලි කරන ලද තාවකාලික ගොඩනැගිලි 3ක් හා දෙමහල් ගොඩනැගිලි 2කින්ද තනිමහල් ගොඩනැගිල්ලක් දක්වා බෞතික සම්පත් වලින් පිරිපුන් බාලිකා පාසලකි . ඒ ආරමිභය පහලවත්ත රජමහා විහාරස්ථාන විහාර බූමියෙ සිදු වී ඇත.
වර්ෂ 1924 දී පමණ ගමේ පන්සලේ ප්‍රදාන සගරුවන වූ රතනපාල හිමියන් ක්‍රියාවේ නියැලී ඇත . තොටිල්ල පදවන ඇත ලොව පාලනය කරන බව දත් ගමේ උගත් පිරිස පහල බියන් විල ගැහැණු පාසල පහලවත්ත විහාර බූමීයේදී ගැහැණු දරුවන් 24 දෙනේ කුගෙන් ආරම්භ කර ඇත .
ඉංග්‍රීසි අදිරාජ්‍ය වාදය ශ්‍රී ලංකාවේ මුල් බැසගෙන තිබු යුගයක ගමයි පන්සලයි එක් කරමින් ආරාමිබ වූ බෞද්ද සිංහල ගැහැණු පාසලට ස්ථීර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය තදින් දැනෙන්නට වූ අතර එවකට සිටි ප්‍රසිද්ධ දනපතියෙකු වූ දබුවේ පීටර් වීරසේකර මහතා 1927 දී අක්කරයක බිම් ප්‍රමාණයක් ලබා ගෙන පාසල ආරම්භ කිරීමට අපරාද මර්ධන සමිතියට පරිත්‍ය්ග කර ඇත.
මර්ධන සමිති සමාජිකයන් විසින් මෙම බිම්කඩෙහි තාවකාලික ගේ අපරාධ ගොඩනැගිල්ලක් ඉදිකරන ලද අතර එහි ඉගැන්වීම් කටයුතු භාර වුයේ සමරකොන් නම් වූ ගුරුමහත්මිය වෙතටය. මෙම කාලය වන විට පළමු වන ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් වුනු අතර එහි 75ක් පමන ගැහැණු ළමයින් ප්‍රමාණයක් සිප්සතර හදාරා ඇත. මෙම කාලයේදී ගමේ දෙපිරිසක් අතර වූ ගැටුමක ප්‍රතිපලයක් ලෙස තාවකාලික ගොඩනැගිල්ල ප්‍රයෝජනට ගතනොහැකි තත්වයට පත් විය . යලිත් නායක හාමුදුරුවන් ඇතුළු පිරිස දබුවේ පීටර් වීරසේකර මහතා හමු වී කල ඉල්ලීම පරිදි 1920 දී ස්ථීර ගොඩනැගිල්ලක් පාසල සදහා ලබා දෙන ලදී. එතුමාගේ උදාර පරිත්ගේ ප්‍රතිපලයක් වශයෙන් 1929.08.12 වන දින “පහල බියන්විල කුමරි විදුහල ” නමින් රජයේ පාසලක් පහල බියන්විල ප්‍රදේශයට හිමි විය. මෙම කාලය වනවිට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පවැත් වූ අතර ශිෂ්‍යාවෝ 100ක් පමණ ප්‍රමාණයක් අද්‍යාපනය හදාරා ඇත.
1930 පමණ වනවිට මුල්ගුරු මහත්මිය ඩි. එම්. ආර්. වීරසේකර මහත්මියයි. එතුමිය ඇතුළුව අචාර්ය මණ්ඩලය 3 දෙනෙක් විය. ඩි. එම්. ආර්. වීරසේකර මහත්මියගෙන් පසු පිළිවෙලින් මුල් ගුරුවරුන් ලෙස පත් වුයේ රණසින්හ හා ගනේපොල යන මතමියන්ය. එම කාලයේදී පාසලට ස්ථීර 2වෙනි ගොඩනැගිල්ලත් ලැබී තිබුණි. 1970.1.1 දින ජී.ඒ . චන්ද්‍රලතා මහත්මිය විද්‍යාලයාදිපතිනිය ලෙස පත්වීම භාරගන්නා ලදී. 1971 දී පාසැලේ බිම් ප්‍රමාණය තවත් අක්කරයකින් විශාලා කර ගැනීමට එතුමියට හැකිවිය. වසර 16 පමණ දීර්ඝ සේවා කාලය කදී එතුමියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1971.08.24 දින “පහළ බියන්විල මහාමායා බාලිකා කණිෂ්ඨ විද්‍යාලය” ලෙසින් නම වෙනස් විය. මෙම කාලය වනවිට පාසැලේ ශිෂ්‍ය සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල ගිය අතර විභාග ප්‍රතිඵල ද අනෙක් පාසල වලට වඩා විශිෂ්ට වී ඇත. මෙතුමියගේ උත්සහය නිසාම 1977 සිට 1984 දක්වා කාලය තුල දෙමහල් ගොඩනැගිල්ලත් ඇතුළුව ගොඩනැගිලි තුනක් ලබාගැනීමට හැකි වී ඇත. 1980.03.05 පහළ බියන්විල මහාමායා බාලිකා කනිෂ්ඨ විද්‍යාලයක් ලෙසින් උසක් වීමක් ලැබුවාය. ඇතැන් සිට “පහල බියන්විල මහාමායා බාලිකා විද්‍යාලය” ලෙස ප්‍රසිද්ධ විය.
ජී.ඒ.චන්ද්‍රලතා මහත්මියගේ සේවා කාලයේන් පසු ඒම දුරය සදහා කේ. ප්‍රේමරත්න මහත්මිය 1986.02.20 විද්‍යාලයාදිපතිනිය ලෙස පත්විය. 1986 02.20 සිට 1986.08.31 දක්වා ඇගේ කෙටි සේවා කාලය තුල ශිෂ්‍ය සංකයාවේ වැඩිවීමත් ගුරු මණ්ඩලයේ වැඩි වීමත් සිදු වී ඇත.
අනතුරුව මහාමායා මහා බාලිකා විද්‍යාලයට ආලෝකය ගෙන දුන්නේ 1986 සැප්තැම්බර් මස පළමු දින නව විද්‍යාලයාදිපතිනිය ලෙස පත් වූ පී. ජී. එස්. පෙරේරා මහත්මියයි. එතුමියගේ පැමිණීමත් සමග පාසැලේ අධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය සීඝ්‍ර වූ අතර 1988 වර්ෂයේදී තෙමහල් ගොඩනැගිල්ල රජයේන් ලබා ගැනීමද හැකි විය. මෙම කාලය වන විට පාසැලේ ශිෂ්‍ය සංකයාව 1000 ඉක්මවන ලදී. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හා සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවියන් උසස් ලෙස සමත් විය.තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමේ උදාරතර ගුණයෙන් යුත් විදුහල්පතිනිය මහාමායාවට හිමිවීමේ විමෙ වරම නිසාම පාසල් සිසුවියන්ට ක්‍රමවත් වූ අංග සම්පුර්ණ නිල ඇදුමක් පාසල් ගීයක් හා පාසල් ලංජනයකට උරුමකම් කීමට අවස්ථාව ලැබිණි. එපමණක් නොව සෞන්දර්ය ක්‍රීඩා ආදී විවිද අංශ හා විෂය භාහිර කටයුතු වලටද පන පොවමින් සිසුන්ගේ සැගවුණු කුසලතා ඔප්නන්විමට් කටයුතු කරනලදී.
1988 වර්ෂයේදී උසස්පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබීමට සිසුන්ට අවස්ථාව උදාවිය. මෙම කාලය වනවිට ආචාර්ය මණ්ඩලය 40ක් පමන වූ අතර ළමුන් 1000 ඉක්මවිය. 1989 දී වාණිජ අංශයද 1989 විද්‍යා අංශයෙන්ද අද්‍යාපනය ලැබීම තුලින් සිසුන්ට උසස් අද්‍යාපනය සදහා නව මන් විවර විය.
ඉන් අනතුරුව 1998 අගෝස්තු 26 වන දින නව විදුහල්පතිතුමිය ලෙස ශාස්ත්‍රපති කේ.කේ.එස්. ප්‍රේමදාස මහත්මිය වැඩබාර ගත් අතර එවකට සිසුවියන් 1400 කට අඩු ප්‍රමාණයකුත් ගුරු මණ්ඩලය 40 දෙනෙකුත් විය. එම විදුහල්පත්තුමියගේ ප්‍රථම කාර්ය වූයේ ගුරුවරුන්ගේ ආකල්ප හා වෘත්තීය ධැනුම උසස් මට්ටමකට ගෙන ඒමයි. ඒ අනුව වසර 2 ගුරු පුහුණු වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී . 2000 වර්ෂයේදී විද්‍යාලය වටා දෙමාපියන්ගේ සහබාගිත්වයෙන් තාප්පය ඉදිකරන ලද අතර 2002 වර්ෂයේදී පන්ති කාමර 12 කින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ලක් අද්යාපන අමාත්‍යාංශයේ අප විද්‍යාලය 1924 වර්ෂයේ පහළ බියන්විල සමාගම් මඩුවක ආරම්භවී ප්‍රදේශවාසීන්ගේ ඉමහත් උනන්දුවත්, උත්සාහයත් , කැපවීමත් මත වර්තමාන විද්‍යාලිය භූමියට 1929.06.26 දින ස්ථාන ගතවී, ඒකල කුමාරි විදුහල නමින්ද, 1971 දී මහාමායා බාලිකා කණිෂ්ට විද්‍යාලය නමින්ද , හැදින්වූ මෙම විද්‍යාලය 1995 වර්ෂයේ උසස්පෙළ විද්‍යා අංශය අරම්භවීමත් සමග 1AB පාසලක් බවට පත්විය. කලින් කලට පත්වූ විදුහල්පතිනියන්ගේ, ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස වර්තමාන දියුණු තත්වයට පත්ව ඇත. ඉමහත් දුෂ්කරතා සහ විවිධ අභියෝගවලට මුහුණ පාමින් බසනහිර පළාතේ ජනප්‍රිය බාලිකා පාසලක් බවට පත්ව ඇත.
වර්තමාන තත්වය
2010.09.10 වන දින වර්තමාන විදුහල්පතිනිය වන පුෂ්පික බන්දුවංශ මැතිනියගේ පැමිණීම සැබවින්ම පාසලට ආලෝකයක් විය. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්දනයත්, භෞතික සම්පත් සංවර්ධනයත් පාසල් ප්‍රජාව සමග අත්වැල් බැද ගනිමින් මෙතෙක් නොවූ විරූ සංවර්ධනයත් ඇති කිරීමට මුල පිරීය. ඇය පළමුවෙන් පාසලේ අනවශ්‍ය දෑ ඉවත් කිරීමේ යෝධ වැඩ පිළිවෙලත් දියත් කල අතර පාසලේ පරිසරය දරුවන්ට ප්‍රසන්න හිතකාමී පරිසරයක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ළමා උද්‍යානයකින් ආරම්භ කරන ලදී. සිසුවියන් 2300 කගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම ඊලග කාර්ය විය. මුල් ගල තබා තිබු ක්‍රීඩාපිටියට සම්බන්ධව දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ නිම කරමින් සිසු අයිතියට පවරා දෙන ලදී. මෙතෙක් නොතිබූ මාධ්‍ය ඒකකය ස්ථාපිත කරමින් පාසල් උදා විකාශනයේ ආරම්භය ක්‍රමවත් කරන ලදී. එතෙක් අඩුපාඩුවක්ව පැවතී ගිලන් කාමරයක් ක්‍රීඩාපිටියට යාබදව ඉදිකරමින් එම අවශ්‍යතාව ද සම්පුර්ණ කළා ය. දරුවන් තත්වය පිලිබදව අවධානය යොමු කළ විදුහල්පතිනිය පිරිසිදු පෝෂ්‍යදායි ආහාර පමණක් ගත හැකි නවීන පහසුකම් වලින් හෙබි ආපනශාලාවක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කලේ 2016 වර්ෂයේදී ය.
පාසලේ පැරණිතම ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පාසල් පුස්තකාලය කඩා ඉවත්කර පුස්තකාලය, විද්‍යාගාර දෙකක් හා පන්තිකාමර හතරකින් යුත් තෙමහල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2015 වර්ෂයේ දී මුරගල තැබිය. ඒ 2016 වසර අවසානයේදී සිසු අයිතියට පවරන්නට හැකි විය. එසේම නර්තන,චිත්‍ර කාමර සහ ගුරු විවේකාගාරයපිළිසකර කරමින් බිම ටයිල් අතුරා වඩා ක්‍රමවත් කිරීම සිදු වුයේ ද මේ යුගයේදීම ය. වසර ගණනාවක් තිස්සේ පුලපුලා බලා සිටි පාසලට බස් රථයක් මිලදී ගැනීමේ බලපොරොත්තුව ඉටුවූයේ ද 2016 වර්ෂයේදී ය. බෞද්ධ කාන්තා පාසලක බුදුමැදුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පාසලේ නව බුදුමැදුරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් 2016 වසර මහාමායා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්පත් කරගැනීමට වර්තමාන විදුහල්පතිනියගේ මග පෙන්වීමත් දායකත්වයත් මහාමායා දියණිවරුන් ලත් භාග්‍යකි. එපමණක් නොව 2017 වසරේදී පාසල් නිල ලාංඡනයේ වර්ණය වෙනස් වීමත් කාලින අවශ්‍යතාවය මත සිදුවිය. ඒ අනුව ශිෂ්‍යාවන්ගේ නිල ඇදුමත්, කර පලදනවත් පාවහන් යුගලද වෙනස් වීමට භාජනය කරමින් වැඩ ප්‍රියමනාප බවක් ගෙනදෙන්නට සමත් වී ඇත.
සිසුන්ගේ පරිගණක සාකෂරතාව ඔප නංවනු පිණිස 2018 වසරේදී නවීන පරිගණක කාමරයක් ඉදිකරන ලදී. ඒ අනුව එයට අවශ්‍ය පරිගණක ලබා ගැනීමට මේ වනවිට කටයුතු කරගෙන යයි. එසේම ක්‍රීඩාපිටිය, පැරණි ප්‍රේක්ෂකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.
ආරම්භ කළ වර්ෂය |
1924.08.17 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
24 |
මුල් ගුරුතුමාගේ නම |
සමරකෝන් මහත්මිය |
පාසලේ ආදි කතෘගේ නම |
ඩි.එම්.ආර් වීරසෙකර |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
පහළ බියන්විල කුමාරි විදුහල |
පාසල භාරව කටයුතු කිරීම |
රතනපාල හිමි |
පාසල රජයට පවරාගත් දිනය |
- |
පාසල පැවැත්වූ ස්ථානය |
පහලවත්ත විහාර භුමිය |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1924 .08.17 |