මහාමායා බාලිකා මහා විද්‍යාලය

English Day Celebrations

English Day Celebrations

Screenshot13.png
Screenshot7.png
Screenshot11.png

2011-2021

පුෂ්පිකා බන්දුවංශ මිය

පාසලේ පැරණිතම ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පාසල් පුස්තකාලය කඩා ඉවත්කර පුස්තකාලය, විද්‍යාගාර දෙකක් හා පන්තිකාමර හතරකින් යුත් තෙමහල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2015 වර්ෂයේ දී මුරගල තැබිය. ඒ 2016 වසර අවසානයේදී සිසු අයිතියට පවරන්නට හැකි විය. එසේම නර්තන,චිත්‍ර කාමර සහ ගුරු විවේකාගාරයපිළිසකර කරමින් බිම ටයිල් අතුරා වඩා ක්‍රමවත් කිරීම සිදු වුයේ ද මේ යුගයේදීම ය. වසර ගණනාවක් තිස්සේ පුලපුලා බලා සිටි පාසලට බස් රථයක් මිලදී ගැනීමේ බලපොරොත්තුව ඉටුවූයේ ද 2016 වර්ෂයේදී ය. බෞද්ධ කාන්තා පාසලක බුදුමැදුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පාසලේ නව බුදුමැදුරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් 2016 වසර මහාමායා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්පත් කරගැනීමට වර්තමාන විදුහල්පතිනියගේ මග පෙන්වීමත් දායකත්වයත් මහාමායා දියණිවරුන් ලත් භාග්‍යකි. එපමණක් නොව 2017 වසරේදී පාසල් නිල ලාංඡනයේ වර්ණය වෙනස් වීමත් කාලින අවශ්‍යතාවය මත සිදුවිය. ඒ අනුව ශිෂ්‍යාවන්ගේ නිල ඇදුමත්, කර පලදනවත් පාවහන් යුගලද වෙනස් වීමට භාජනය කරමින් වැඩ ප්‍රියමනාප බවක් ගෙනදෙන්නට සමත් වී ඇත. සිසුන්ගේ පරිගණක සාකෂරතාව ඔප නංවනු පිණිස 2018 වසරේදී නවීන පරිගණක කාමරයක් ඉදිකරන ලදී. ඒ අනුව එයට අවශ්‍ය පරිගණක ලබා ගැනීමට මේ වනවිට කටයුතු කරගෙන යයි. එසේම ක්‍රීඩාපිටිය, පැරණි ප්‍රේක්ෂකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.

1998-2011

K.K.S.ප්‍රේමදාස

පාසල හොදින් සංවර්ධනය කොට ඇත.