
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඉනෝකා ගුණරත්න
මහමායා බාලිකා මහා විද්‍යාලය කැලණි පුරවරයේ දිනෙන් දින දියුණුව කරා පිය නගන විශිෂ්ට බාලිකා පාසලකි. එදා මේද තුර, අප පාසලේ සිසු දැරියන් පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක්ද හිමි කරගෙන ඇති අතර, අධ්‍යයන කටයුතු වලින්ද ඉමහත් කීර්තියක් ළඟා කරගත් ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා පාසලකි.
ඕනෑම පුද්ගලයෙකුට පාසල පිළිබඳව දැන ගැනීමටද, තොරතුරු හුවමාරු කර ගැනීමටද මෙම වෙබ් අඩවිය මහගු පිටුවහලක් වේ යැයි මම සිතමි.
විද්‍යාලයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසු දැරියන් විසින් සිදු කරන මෙම කර්තව්‍යයට සුභ ප්‍රාර්ථනා කරන අතර, පාසල තුළින් බිහි වන දරු පරපුර අනාගත වැඩ ලෝකය තුල විශිෂ්ටත්වයෙන් බැබලේවා යන්න මාගේ එකම ප්‍රාර්ථනයයි!
ඉනෝකා ගුණරත්න
නියෝජ්‍ය විදුහල්පති
මහමායා බාලිකා මහා විද්‍යාලය .