බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රිකයේ කැළණි පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ, නැණ, ජය, දිරිය තේමා කරගත් යහපත් සාරධර්මවලින් පරිපුර්ණ වූ සිසු පරපුරක් දේශයට දායාද කල කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
උදාවන නව ලොව ජයග්‍රහණය කළ හැකි යහපත් ශක්තීන් හා නිපුණතා වර්ධනය කිරීම.
ගුණ, නැණ, ජය, දිරිය තේමා කරගත් යහපත් සාරධර්මවලින් පරිපුර්ණ වූ කාන්තා පරපුරක් දේශයට දායාද කිරීම.